Thursday, June 30, 2011

පිළිකාව ගැන අලුත්ම UPDATES (PART 1)මෙන්න..!!


අද මම දාන්න යන්නෙ ටිකක් දිග සිරාම සිරා ආර්ටිකල් එකක්...දිග වැඩි නිසාම මේක කොටස් 2කින් දාන්න මං තීරණය කලා..කියවද්දි කම්මැලි හිතෙයිද දන්නෙත් නෑ..ඒත් කමක් නෑ..පිළිකාවක් හැදුන කෙනෙක්ට,පිළිකාවක් හැදුන පවුලෙ කෙනෙක් ඉන්න/හිටපු අයට, පිළිකාවක් හැදුන යාලුවො ඉන්න/හිටපු කෙනෙක්ට, පිළිකාවක් හැදුන කෙනෙක්ගෙ වේදනාව දකින/දැකපු කෙනෙක්ට මේක කියවද්දි කම්මැලි හිතෙන එකක් නෑ......



පිළිකා සෛල විනාස කිරීමට මෙතෙක් කල් භාවිතා කල "කීමෝ තෙරපි(CHEMOTHERAPY)", සිංහලෙන් නම් 'රසායනික චිකිත්සාව', ඒ සඳහා ඇති එකම පිළියම නොවන බව JOHNS HOPKINS විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පවසනවා..

මේ ඒ ගැන සහ වෙනත් දේවල් ගැන ඔවුන් කියපු දේවල් ටිකක්......


පිළිකා ගැන අලුත්ම UPDATE එක (පලමු කොටස)

1.)සෑම පුද්ගලයෙකුගේම සිරුරේ පිළිකා සෛල ඇත. නමුත්, ඒවා බිලියන ගණනක් දක්වා වර්ධනය වන තුරු දැනට කෙරෙන පරීක්ෂා වලින් හඳුනා ගත නොහැක.ප්‍රතිකාර වලින් පසු වෛද්‍යවරයා පිළිකාව ඉවත් වී ඇති බව පැවසුවහොත්, එහි අදහස, තිබෙන පිළිකා සෛල උපකරණ වලට හසුවීමට නොහැකි තරම් අඩු ප්‍රමාණයකට පත්ව ඇති බව පමණි.

2.)මිනිසෙකුගේ ජීවිත කාලය තුල, සිරුරේ 6 වාරයේ සිට දස වාරයකට වඩා, පිළිකා සෛල හටගනී.

3.)ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති විට, එය පිළිකා සෛල වර්ධනය අඩපණ කර, ඒවා විනාශ කර, අසාමාන්‍ය සෛල වර්ධනයන්(TUMORS) වලකයි.

4.)යමෙකුට පිළිකාවක් වැලඳී ඇත්නම්, එයින් අදහස් වන්නේ ඔහුට හෝ ඇයට පෝශණ ඌනතාවයක් ඇති බවයි. මෙය පාරම්පරික හෝ පාරිසරික හෝ ආහාර හෝ ජීවන රටාව නිසා විය හැක.

5.)පෝශණ ඌනතාවයෙන් වැලකීමට නම්, ප්‍රමාණවත්, සමබර, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන සංඝටක අයත් ආහාර වේල් 4ක් 5ක් ගැනීමට සැලකිලිමත් වන්න.

6.)කීමො තෙරපි(CHEMOTHERAPY) මගින් ඉතා වේගයෙන් වර්ධනය වන පිළිකා සෛල විනාශ කරනු ලබන අතරම, ඇටමිදුලු වල, අන්ත්‍රයීක කොටස් වල ඉතා වේගයෙන් වර්ධනය වන නිරෝගී සෛලද විනාශ කරයි. මෙය අක්මාව, හෘදය, වකුගඩු, පෙනහලු ආදී අවයව අක්‍රීය කිරීමටද හේතු වේ.

7.)මෙහිදී සිදුවන විකිරණ ක්‍රියාවලිය මගින් පිළිස්සුම්, කැළැල් සහ පටක හානි, නිරෝගී සෛල හානි හා ඉන්ද්‍රියන් හානි සිදු කරයි.

8.)කීමෝ තෙරපි ප්‍රතිකාර වල මූලික අවධියේදී, එයින් පිළිකාවේ විශාලත්වය සෑහෙන දුරට අඩු කරයි. නමුත්, දීර්ඝ කාලීනව ගත් කල, එයින් පිළිකාවට වැඩි බලපෑමක් සිදු නොකරයි.


9.)කීමෝ තෙරපි ප්‍රතිකාර වලදී සිරුරට ඇතුලු වන විශ ප්‍රමාණය, පමණ ඉක්මවා ගිය විට, ප්‍රතිශක්තීකරණ පද්ධතිය අකර්මර්ණය වීම හෝ විනාශ වීම සිදුවේ. මෙවිට, රෝගියා විවිධ ආසාදන වලට හා ව්‍යාකූල භාවයන්ට ගොදුරුවීම සිදු වේ.

10.)කීමෝ තෙරපි හා විකිරණ ප්‍රතිකාර මගින් පිළිකා සෛල වෙනස් කම් වලට ලක්වී ප්‍රතිකාර වලට යටත් නොවන තත්වයකට පත්වී, විනාශ කිරීමට නොහැකි තරම් බලවත් වේ. සැත්කම් මගින් පිළිකා ඉවත් කිරීමෙදීද, පිළිකා සෛල ශරීරයේ වෙනත් ස්ථාන කරා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇති කරයි.


පලමු කොටසේ අවසානය.

අනෙකුත් UPDATES සහ අලුත්ම ප්‍රතිකාර ක්‍රමය ගැන විස්තර ඉතිරි කොටස් වලින් බලාපොරොත්තු වන්න.


මේ මගෙ ෆේස්බුකියෙ ඇඩ්‍රස් එක..!! 
පුලුවන්නම් ලයික් එකක් දාන්න කියල ආරාධනා කරනව..!!

No comments:

Post a Comment