Tuesday, October 30, 2012

කෙහෙල් කමුද මචෝ??


කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්නෙ මචන්ලා..සිරාට සිරා ජොබක් සෙට් උනානෙ..ඉතින් හෙන බිසී වෙලා හිටියෙ.. වැඩ අතරෙ පොඩි නිවාඩුවක් සෙට් උනා..කුණුහරප ඊ මේල් දාහකට විතර පස්සෙ හොඳ මේල් එකකුත් ආව..ඉතින් කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුන..

පලතුරු වල තියෙන ගුණේ ගැන තමා මේල් එක ආවෙ. ඒ සේරම අතරෙ කෙසෙල් වල ගුණේ ගැන ගොඩක් විස්තර තිබ්බ..අනිත් එව්ව නම් රට පලතුරු..අපිට ඉතින් ලේසියෙන්ම හම්බෙන්නෙ කෙහෙල්නේ.. ඉතින් මේ කෙහෙල් නැත්නම් කෙසෙල් ගැන..

කෙසෙල් ගෙඩිය දිහා බලපුවාම අපිට මුලින්ම පේන්නේ ලෙල්ලනේ..!! ඉතින් මං මුලින්ම ලෙල්ල ගැන කියල ඉන්නම්කො..
සමහර කෙසෙල් ගෙඩි වල ලෙල්ල කලු වෙලා නැත්තම් කලු තිත් තිත් මතු වෙලා තියෙනව අපි දැකල තියෙනවනේ..එහෙම වෙන්නෙ කෙසෙල් ගෙඩිය අම්බානෙක ඉදුනම..මේ විදිහට ඉදුනම සමහරු කන්න කැමති නෑ..
ඒත් ඔයාල දැනන් හිටියද, මේ විදිහට කලු වෙන්න ඉදුනු කෙසෙල් වල, සිරුරේ ඇති අසාමාන්‍ය සෛල වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් තියෙන බව??
මේ කලු පැල්ලම් වලින් TFT පවුලෙ සෛල ප්ලාස්මා අඩංගු රසායනිකය සංඝටකයක් නිශ්පාදනය කරනවලු.

(TFT Family, දන්න ඉංග්‍රීසියෙන් නම් Tumor Necrosis Factor එක ..නොදන්න සිංහලෙන් කියනවනම් අසාමාන්‍ය පටක ක්ෂය කිරීමේ සාධකය සහිත සෛල ප්ලාස්මා අඩංගු පවුල :D.. මේක ගැන විස්තර විකිපීඩියා සයිට් එකෙන් බලාගන්නකෝ..)

කෙසෙල් වල කලු ගතිය වැඩි වෙන තරමට මේ පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩි වෙනවලු..ඉතින් කනවනම් හොඳටම ඉදුන එව්ව තමා...දැන් ඉතින් කට්ටිය කලු වෙලා, කුණු වෙච්චත් කයිද මන්ද!!!


කෙසෙල් ලෙල්ල ගැන තවත් එකක් තිබ්බ..හැබැයි මං මේකත්  හරිද කියල චෙක් කලේ නම් නෑ..ඒත් දානව ඉතින්..කරල වැඩේ හරි ගියොත් කට්ටිය කියන්නකෝ...


මේ ලෙල්ලෙ ඇතුලෙ තියෙන පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස් වගේ ඛනිජ වර්ග වල දත් සුදු කිරීමේ හැකියාව තියෙනවලු..
ඉතින් අපි කරන්න ඕනෙ, ලෙල්ලෙ ඇතුල් පැත්ත අරන්, දත් වල හිමීට අතුල්ල අතුල්ල විනාඩි 2ක් ඉන්න එකලු..එතකොට අර ඛනිජ ටික දත් වලට උරාගෙන දත් සුදු වෙනවලු..වැඩේ හරි යනව කියල මේල් එකේ තිබ්බ..කොච්චර දවස් අතුල්ලන්නද කියල තිබ්බෙනම් නෑ..



කෙසෙල් කෑමෙන් සිරුරේ එක් එක් අවයව වලට ලැබෙන වාසි විවිධයි කියලත් කියනව....



රාත්‍රී කාලයේ ඇස් වල ක්‍රියාකාරීත්වය වැඩි කරනවලු (Night Vision)..


හෘදවාහිනී වල අධික ආතතිය එහෙමත් නැත්තම් අධික රුධිර පීඩනය වලක්වනවලු..

අස්ථි දිරා යාම වලකනවලු..

අතීසාරය, පාචනය වගේ ලෙඩ වලදි, බඩවැල් වල විද්‍යුත් විච්චේදනය සිදු කරල සහනය දෙන්න සමත් වෙනවලු..ඒ වගේම මළබද්ධයත් වලක්වනවලු..

වකුගඩු පිළිකා ඇතිවීමේ අවදානම ඉතා අඩු කරනවලු..



මීට අමතරව,

දුම් පානය කරන්නන්ට දුම්පානය අත හැරීමටත් කෙසෙල් ආහාරයට ගැනීම උදවු කරනවලු..

මොළයේ ක්‍රියාකාරීත්වය ඉහල නංවනවලු..

ඔසප් වේදනාව අවම කරනවලු..

මදුරුවො කාපුවාම එන කසන ගතිය නැති කරනවලු..

ලේ අඩු වීම (Amenia) වලකනවලු..

මානසික ආතතිය නැති කරනවලු..

හෘද රෝග ඇති වීමේ අවදානම අවම කරවනවලු..

තුවාල/වණ වලට ඉක්මන් සුවය ගෙන දෙන්නත් කෙසෙල් උදවු කරනවලු..


මේ හැම එකේම 'ලු' කියල දාල තියෙන්නෙ මාත් හරියටම දන්නේ නැති නිසා..සිරා ඊ මේල් එකක් කියල හිතුන නිසා තමයි සිංහලට හරෝල කට්ටියත් එක්ක බෙදා ගත්තෙ...නිතරම පෝස්ට් කරන්න අමාරුයි ජොබ් එකත් එක්ක..ඒකයි නිතරම පෝස්ට් දාන්න හම්බෙන්නෙ නැත්තේ...
ඕන් එහෙනම්, ආපහු සිරාම ආටිකල් එකක් හම්බෙනකම් මං ගියා..කස්ටිය එහෙනම් කෙසෙල් කන්න හොඳේ!!!

ආහ්..කියන්නත් අමතක උනානේ..කට්ටියගෙ කොමෙන්ට් ටිකත් බලන්න ආසයි..ගොඩක් හොඳ කොමෙන්ට් හම්බුනා..ඒ හැමෝටම ස්තූතියි..!!


මේ මගෙ ෆේස්බුකියෙ ඇඩ්‍රස් එක..!!
පුලුවන්නම් ලයික් එකක් දාන්න කියල ආරාධනා කරනව..!!


Thursday, March 8, 2012

රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න ඉගෙන ගත්තොත් හොඳයි!!


අපි පිට රටින් ආනයනය කරන බඩු බාහිරාදිය, කෑම ජාති ඕන තරම් ගන්නව.කීල්ස් සුපර්, කාගීල්ස් ෆුඩ් සිටි, ආපිකෝ සුපර් සෙන්ටර් වගේ ප්‍රසිද්ධ තැන් වල ඒව ඕන තරම් විකුනන්න තියෙනව..ඒත්, පිට රටින් එන හැම කෑම ජාතියක්ම/භාණ්ඩක්ම හොඳද??හොඳ නෑ කියල කියන්න අපිට බෑ. ඒත් සමහර රටවල්, එක එක  විදිහෙ මනුශ්‍ය ශරීර සෞඛ්‍යයට හෝ සතුන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳ නැති දේවල් නිශ්පාදනය කරනව කියල ප්‍රසිද්ධ වෙලා තියෙනව..උදාහරණ විදිහට,
චීනය- "BLACK-HEARTED GOODS" නිශ්පාදනය කිරීම ගැන විශාල වශයෙන් පසුගිය කාලයේ කතා බහට ලක් වුනා. මොනවද මේ Black- Hearted Goods කියන්නෙ??ඉතා පහල තත්වයන් යටතේ හෝ නියමිත අවසර බලපත්‍ර රහිතව, පරිභෝජනයට හානිකර වන අයුරින් නිශ්පාදිත භාණ්ඩ/ආහාර වලට කියන්නෙ  Black Hearted Goods කියල...

2007දි, චීනයෙන් අපනයනය කරන ලද, භාවිතයට නුසුදුසු බෙහෙත්, දත් බෙහෙත්, විශ සහිත සත්ව ආහාර, කුඩා දරුවන්ට නුසුදුසු ඊයම් තීන්ත ආලේපිත සෙල්ලම් බඩු හා වෙනත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ ලොව පුරා ඇති බව අනාවරණය වුනා..ඊට අමතරව චීනයේ නිශ්පාදිත කිරි නිශ්පාදන වල මෙලමයින් අධික බව අනාවරණය වුනේ ඒ රටේ කුඩා ලමයින් 300,000ක් වකුගඩු හානි වීම නිසා රෝහල් ගත කලාටත් පස්සෙ..ඇත්තටම මේ මෙලමයින් කියන්නෙ ප්ලාස්ටික් සහ මැලියම්/ගම් වර්ග නිශ්පාදනයට යොදා ගන්න රසායනික ද්‍රව්‍යයක්..හිතල බලන්න ඒවගේ එකක් කිරිත් එක්ක පොඩි එකෙක් බිව්වම??
මතකද ඒ දවස් වල ලංකාවට චීනෙන් කිරි ගෙන්නන එක නැවැත්තුව??

ඇමෙරිකාව- ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ ජාන විකෘති කරන ලද ආහාර පාන හා STEROIDඑක් කරන ලද ආහාර පාන නිශ්පාදනය හා අපනයනයට..
Steroid කියන්නෙ විටමින් හා හෝමෝන එකතු කරන ලද සංයෝගයක්..අපි දන්න බාසාවෙන් නම්, තහනම් උත්තේජක කියන්නෙ මේවට තමයි..අර ක්‍රීඩකයො හොරෙන් බොන්නෙ..සමහර රෝග වලට බේතක් විදිහට වෛද්‍ය වරුන් සමහර විට නිර්දේශ කරනව..උදාහරණයක් විදිහට පිළිකාවක් සමග සටන් කරන රෝගියෙකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය පණගැන්වීමට මේ බේත නිර්දේශ කරනව..ඒත් මේව වෛද්‍ය නිර්දේශයකින් තොරව තහනම්..ඒත් ඇමරිකාව මේව ආහාර වලටත් දානව.

ජාන විකෘති කරන ලද ආහාර කියන්නෙ රසායනික හෝ විකිරණ මගින් DNA සංයුතිය වෙනස් කරපු ආහාර..ඉතින් මේ ජාන විකෘති කරපු ආහාර ගොඩක් රට වල තහනම්..
එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යටතේ සැම්බියාවට එවපු ජාන වෙනස් කල ආහාර නවත්තන්න එරට බලධාරීන් තීරණය කලා.වෙනිසියුලාවේ හියුගෝ චාවේස් මේ ආහාර එරටට ගෙන්වීම තහනම් කලා..හන්ගේරියාවෙත් තහනම් කලා..ඇමෙරිකාවෙන් අපනයනය කරන හාල්, ජාන විකෘති කරන ලද ඒවා බව අනාවරණය වීමත් සමගම, 2010දි යුරෝපා රටවල් එම හාල් ගෙන්වීම අත් හිටවීමට තීරණය කලා..

අනිත් රටවල් වලින් මොන මොන ජරාව එවනවද කියල මං නම් දන්නෙ නෑ ඇත්තටම..ඔයාල දන්නවනම් මට කියන්න..



අපි කොහොමද මේ බඩු  මොන රටෙන්ද එන්නෙ කියල දැන ගන්නෙ??මේ පැකට් වල පිටිපස්සෙ නිශ්පාදිතයාගේ රට ගහල තියෙනව..ඒකෙන් බලන්න පුලුවන් කම තිබ්බ..දැන් ටිකක් අමාරුයි...

කොහොම කොහොම හරි මේව ලෝකෙ හැමෝටම ආරංචි උනානෙ..ඒ රටවල් වල නිශ්පාදිත කෑම ජාති මිලදී ගැනීමෙන් මිනිස්සු වැලකුනා..ලංකාවෙ මිනිස්සු නෙමේ.වෙන රටවල් වල අය :-) අපේ රටේ මිනිස්සු මේව දන්නෙත් නෑ බොහෝ විට..
ඉතින් ඒ රටවල් අලුත් වැඩක් පටන් ගත්ත..දැන් උන් අපනයනය කරන කෑම වල, පැකට් එකේ, නිශ්පාදිත රට මුද්‍රණය කරන්නෙ නෑ..ඒ වෙනුවට තියෙන්නෙ බෙදාහරින්නාගේ රට/නගරය තමයි ගහන්නෙ..
ඉතින් එතකොට අපි කොහොමද මොන රටේද කියල දැන ගන්නෙ??ඒකටත් ක්‍රමයක් තියෙනව..
BAR CODE

ඒ තමයි පැකට් එකේ පිටිපස්සෙ තියෙන බාර් කෝඩ්( BAR CODE) එකෙන්...

මේ පින්තූරෙ තියෙන්නෙ EAN-13 බාර් කෝඩ් එකක්.මේකෙන් නිශ්පාදිත රට දැන ගන්න එක හරිම ලේසියි.. ඒ මේකෙ යටින් තියෙන කෝඩ් එකේ පලවෙනි ඉලක්කම් 3න්...එක එක රටවල් වලට එක එක ඉලක්කම් වෙන් කරල තියෙන්නෙ..
cid:AEDEB1094B11464AB2748A1DCF9D7D95@BonniePagePC
471 - තායිවානය


මෙන්න EAN Country code ලිස්ට් එක..

00 සිට 13    ඇමෙරිකාව හා කැනඩාව
30 සිට 37    ප්‍රංශය
400 සිට 440 ජර්මනිය
45 සිට 49    ජපානය
460 සිට 469 රුසියාව
471             තායිවානය
479            ශ්‍රී ලංකාව
489        හොංකොං
528        ලෙබනනය
570         ඩෙන්මාර්කය
624         ලිබියාව
626         ඉරානය
690 - 695   චීනය
700         නෝර්වේ
729         ඊශ්‍රායලය
770         කොලොම්බියාව



මෙතන ටිකයි දැම්මෙ..මුලු ලිස්ට් එකම නම් දිග වැඩියි..මං සයිට් එක දෙන්නම් කැමති අය ගිහින් බලන්න..සේරම රටවල් තියෙනව.. මෙන්න සයිට් එක..

මේ කෝඩ් දුන්නට, මේ විස්තර කිව්වට, මේ රටවල් වලින් එන හැම කෑමක්ම නරකයි කියල කියන්නෙ නෑ..කට්ටියට සිරාවටම වැදගත් කියල හිතුන විස්තර ටිකක් තමයි මං මේ දැම්මෙ..කියවපු හැමෝම මොකක් හරි අලුත් දෙයක් දැන ගත්ත කියල මං හිතනව..


මේ මගෙ ෆේස්බුකියෙ ඇඩ්‍රස් එක..!!
පුලුවන්නම් ලයික් එකක් දාන්න කියල ආරාධනා කරනව..!!



Thursday, February 16, 2012

දෙයක් විසි කරල දාන්න කලින් මේ ගැනත් ටිකක් හිතල බලමු..

මෙව්ව දිරන්න කොච්චර කාලයක් යනව කියල හිතල තිබුනද කලින්??

කඩදාසි තුවා (Paper සර්වියට් වෙන්න ඇති ) - සති 2-4 අතර
කෙසෙල් ලෙලි - සති 3-4 අතර
කඩදාසි බෑග් - මාස 1 පමණ
පත්තර කොල - මාස 1.5 පමණ
ඇපල් ගෙඩියෙ මැද කොටස - මාස 2 පමණ
කාඩ්බෝඩ් - මාස 2 පමණ
කපු අත්මේස් - මාස 3 පමණ
දොඩම් ලෙලි - මාස 6 පමණ
තුනී ලෑලි - අවුරුදු 1-3 අතර
ලොම් වලින් හැදූ මේස් - අවුරුදු 1-5 අතර
කඩදාසි කිරි පැකට් - අවුරුදු 5 පමණ
සිගරට් කොට - අවුරුදු 10-12 අතර

හම් සපත්තු - අවුරුදු 25-40 අතර
සැමන් ටින් වගේ ටින් ආලේපිත යකඩ කෑන් - අවුරුදු 50 පමණ
රබර් සපත්තු අඩි - අවුරුදු 50-80 අතර
ප්ලාස්ටික් භාජන - අවුරුදු 50-80 අතර
ඇලුමීනියම් භාජන - අවුරුදු 200-500 අතර
ප්ලාස්ටික් බෝතල් - අවුරුදු 450 පමණ
ඉවත දැමිය හැකි ඩයිපර්ස්(බබාලට අන්දන ජාතියෙ එව්ව ) - අවුරුදු 550 පමණ
නයිලෝන් නූල් - අවුරුදු 600 පමණ
ප්ලාස්ටික් බෑග්(සිලි උර ) - අවුරුදු 200-1000 අතර
වීදුරු - අවුරුදු මිලියන 1.2 පමණ


විෂේශ ස්තුතිය,
පරිසරය සුරැකීමේ ජාතික ව්‍යාපාරය (NAEP)
(ලෝක හරිතාගාර ආචරණ ව්‍යාපෘතිය )
පරිසර හා වනජීවී අමාත්‍යංශය
ශ්‍රී ලංකාව


මේ මගෙ ෆේස්බුකියෙ ඇඩ්‍රස් එක..!!
පුලුවන්නම් ලයික් එකක් දාන්න කියල ආරාධනා කරනව..!!