Tuesday, October 30, 2012

කෙහෙල් කමුද මචෝ??


කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්නෙ මචන්ලා..සිරාට සිරා ජොබක් සෙට් උනානෙ..ඉතින් හෙන බිසී වෙලා හිටියෙ.. වැඩ අතරෙ පොඩි නිවාඩුවක් සෙට් උනා..කුණුහරප ඊ මේල් දාහකට විතර පස්සෙ හොඳ මේල් එකකුත් ආව..ඉතින් කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුන..

පලතුරු වල තියෙන ගුණේ ගැන තමා මේල් එක ආවෙ. ඒ සේරම අතරෙ කෙසෙල් වල ගුණේ ගැන ගොඩක් විස්තර තිබ්බ..අනිත් එව්ව නම් රට පලතුරු..අපිට ඉතින් ලේසියෙන්ම හම්බෙන්නෙ කෙහෙල්නේ.. ඉතින් මේ කෙහෙල් නැත්නම් කෙසෙල් ගැන..

කෙසෙල් ගෙඩිය දිහා බලපුවාම අපිට මුලින්ම පේන්නේ ලෙල්ලනේ..!! ඉතින් මං මුලින්ම ලෙල්ල ගැන කියල ඉන්නම්කො..
සමහර කෙසෙල් ගෙඩි වල ලෙල්ල කලු වෙලා නැත්තම් කලු තිත් තිත් මතු වෙලා තියෙනව අපි දැකල තියෙනවනේ..එහෙම වෙන්නෙ කෙසෙල් ගෙඩිය අම්බානෙක ඉදුනම..මේ විදිහට ඉදුනම සමහරු කන්න කැමති නෑ..
ඒත් ඔයාල දැනන් හිටියද, මේ විදිහට කලු වෙන්න ඉදුනු කෙසෙල් වල, සිරුරේ ඇති අසාමාන්‍ය සෛල වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් තියෙන බව??
මේ කලු පැල්ලම් වලින් TFT පවුලෙ සෛල ප්ලාස්මා අඩංගු රසායනිකය සංඝටකයක් නිශ්පාදනය කරනවලු.

(TFT Family, දන්න ඉංග්‍රීසියෙන් නම් Tumor Necrosis Factor එක ..නොදන්න සිංහලෙන් කියනවනම් අසාමාන්‍ය පටක ක්ෂය කිරීමේ සාධකය සහිත සෛල ප්ලාස්මා අඩංගු පවුල :D.. මේක ගැන විස්තර විකිපීඩියා සයිට් එකෙන් බලාගන්නකෝ..)

කෙසෙල් වල කලු ගතිය වැඩි වෙන තරමට මේ පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩි වෙනවලු..ඉතින් කනවනම් හොඳටම ඉදුන එව්ව තමා...දැන් ඉතින් කට්ටිය කලු වෙලා, කුණු වෙච්චත් කයිද මන්ද!!!


කෙසෙල් ලෙල්ල ගැන තවත් එකක් තිබ්බ..හැබැයි මං මේකත්  හරිද කියල චෙක් කලේ නම් නෑ..ඒත් දානව ඉතින්..කරල වැඩේ හරි ගියොත් කට්ටිය කියන්නකෝ...


මේ ලෙල්ලෙ ඇතුලෙ තියෙන පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස් වගේ ඛනිජ වර්ග වල දත් සුදු කිරීමේ හැකියාව තියෙනවලු..
ඉතින් අපි කරන්න ඕනෙ, ලෙල්ලෙ ඇතුල් පැත්ත අරන්, දත් වල හිමීට අතුල්ල අතුල්ල විනාඩි 2ක් ඉන්න එකලු..එතකොට අර ඛනිජ ටික දත් වලට උරාගෙන දත් සුදු වෙනවලු..වැඩේ හරි යනව කියල මේල් එකේ තිබ්බ..කොච්චර දවස් අතුල්ලන්නද කියල තිබ්බෙනම් නෑ..



කෙසෙල් කෑමෙන් සිරුරේ එක් එක් අවයව වලට ලැබෙන වාසි විවිධයි කියලත් කියනව....



රාත්‍රී කාලයේ ඇස් වල ක්‍රියාකාරීත්වය වැඩි කරනවලු (Night Vision)..


හෘදවාහිනී වල අධික ආතතිය එහෙමත් නැත්තම් අධික රුධිර පීඩනය වලක්වනවලු..

අස්ථි දිරා යාම වලකනවලු..

අතීසාරය, පාචනය වගේ ලෙඩ වලදි, බඩවැල් වල විද්‍යුත් විච්චේදනය සිදු කරල සහනය දෙන්න සමත් වෙනවලු..ඒ වගේම මළබද්ධයත් වලක්වනවලු..

වකුගඩු පිළිකා ඇතිවීමේ අවදානම ඉතා අඩු කරනවලු..



මීට අමතරව,

දුම් පානය කරන්නන්ට දුම්පානය අත හැරීමටත් කෙසෙල් ආහාරයට ගැනීම උදවු කරනවලු..

මොළයේ ක්‍රියාකාරීත්වය ඉහල නංවනවලු..

ඔසප් වේදනාව අවම කරනවලු..

මදුරුවො කාපුවාම එන කසන ගතිය නැති කරනවලු..

ලේ අඩු වීම (Amenia) වලකනවලු..

මානසික ආතතිය නැති කරනවලු..

හෘද රෝග ඇති වීමේ අවදානම අවම කරවනවලු..

තුවාල/වණ වලට ඉක්මන් සුවය ගෙන දෙන්නත් කෙසෙල් උදවු කරනවලු..


මේ හැම එකේම 'ලු' කියල දාල තියෙන්නෙ මාත් හරියටම දන්නේ නැති නිසා..සිරා ඊ මේල් එකක් කියල හිතුන නිසා තමයි සිංහලට හරෝල කට්ටියත් එක්ක බෙදා ගත්තෙ...නිතරම පෝස්ට් කරන්න අමාරුයි ජොබ් එකත් එක්ක..ඒකයි නිතරම පෝස්ට් දාන්න හම්බෙන්නෙ නැත්තේ...
ඕන් එහෙනම්, ආපහු සිරාම ආටිකල් එකක් හම්බෙනකම් මං ගියා..කස්ටිය එහෙනම් කෙසෙල් කන්න හොඳේ!!!

ආහ්..කියන්නත් අමතක උනානේ..කට්ටියගෙ කොමෙන්ට් ටිකත් බලන්න ආසයි..ගොඩක් හොඳ කොමෙන්ට් හම්බුනා..ඒ හැමෝටම ස්තූතියි..!!


මේ මගෙ ෆේස්බුකියෙ ඇඩ්‍රස් එක..!!
පුලුවන්නම් ලයික් එකක් දාන්න කියල ආරාධනා කරනව..!!