Thursday, February 16, 2012

දෙයක් විසි කරල දාන්න කලින් මේ ගැනත් ටිකක් හිතල බලමු..

මෙව්ව දිරන්න කොච්චර කාලයක් යනව කියල හිතල තිබුනද කලින්??

කඩදාසි තුවා (Paper සර්වියට් වෙන්න ඇති ) - සති 2-4 අතර
කෙසෙල් ලෙලි - සති 3-4 අතර
කඩදාසි බෑග් - මාස 1 පමණ
පත්තර කොල - මාස 1.5 පමණ
ඇපල් ගෙඩියෙ මැද කොටස - මාස 2 පමණ
කාඩ්බෝඩ් - මාස 2 පමණ
කපු අත්මේස් - මාස 3 පමණ
දොඩම් ලෙලි - මාස 6 පමණ
තුනී ලෑලි - අවුරුදු 1-3 අතර
ලොම් වලින් හැදූ මේස් - අවුරුදු 1-5 අතර
කඩදාසි කිරි පැකට් - අවුරුදු 5 පමණ
සිගරට් කොට - අවුරුදු 10-12 අතර

හම් සපත්තු - අවුරුදු 25-40 අතර
සැමන් ටින් වගේ ටින් ආලේපිත යකඩ කෑන් - අවුරුදු 50 පමණ
රබර් සපත්තු අඩි - අවුරුදු 50-80 අතර
ප්ලාස්ටික් භාජන - අවුරුදු 50-80 අතර
ඇලුමීනියම් භාජන - අවුරුදු 200-500 අතර
ප්ලාස්ටික් බෝතල් - අවුරුදු 450 පමණ
ඉවත දැමිය හැකි ඩයිපර්ස්(බබාලට අන්දන ජාතියෙ එව්ව ) - අවුරුදු 550 පමණ
නයිලෝන් නූල් - අවුරුදු 600 පමණ
ප්ලාස්ටික් බෑග්(සිලි උර ) - අවුරුදු 200-1000 අතර
වීදුරු - අවුරුදු මිලියන 1.2 පමණ


විෂේශ ස්තුතිය,
පරිසරය සුරැකීමේ ජාතික ව්‍යාපාරය (NAEP)
(ලෝක හරිතාගාර ආචරණ ව්‍යාපෘතිය )
පරිසර හා වනජීවී අමාත්‍යංශය
ශ්‍රී ලංකාව


මේ මගෙ ෆේස්බුකියෙ ඇඩ්‍රස් එක..!!
පුලුවන්නම් ලයික් එකක් දාන්න කියල ආරාධනා කරනව..!!