Saturday, July 2, 2011

පිළිකාව ගැන අලුත්ම UPDATES (PART 2)මෙන්න..!!

මේ පිළිකාව ගැන අලුත්ම UPDATES වල දෙවන කොටස..මේක බලන්න කලින් පලවෙනි එක බලල හිටියොත් ලේසි වෙයි ඔයාලට..පලවෙනි එක බලල නැත්තම් මෙතනින් (පිළිකාව ගැන අලුත්ම UPDATES (PART 1)මෙන්න..!!) බලන්නකො..
ඒකෙ 1-10 දක්වා කරුණු තියෙනව..
මේ ලිපියෙ තියෙන්නෙ 11 සිට 16 දක්වා කරුණු..කියවන්නකො එහෙනම්..

11.) පිළිකාව මර්ධනය කිරීමේ සාර්ථකම මාර්ගයක් වන්නේ, පිළිකා සෛල වර්ධනයට අවශ්‍යය සංඝටක සහිත ආහාර වලින් වැලකී සිටීමයි.

පිළිකා සෛල වර්ධනයට උපකාරී වන ආහාර වර්ග

a.) සීනි වෙනුවට ඇති Equal, Nutrasweet, spoonful හා වෙනත් කෘතිම ආදේශක වර්ග නිශ්පාදනය කරන්නේ ඇස්පර්ටේම්(ASPERTAME){C14H18N2O5} නම් වූ විශ සහිත ඊස්ටරයකිනි.මෙය ශරීරයට අහිතකරයි.මේ කෘතිම ආදේශක වෙනුවට ස්වභාවික මී පැණි, උක් පැණි සුළු වශයෙන් භාවිතා කිරීම සුදුසුයි.
මේස ලුණු සුදු පැහැ ගැන්වීම සඳහා යොදන රසායනිකයත් පිළිකා වර්ධනයට උපකාරී වේ. මේස ලුණු වෙනුවට මුහුදු ලුණු, BRAGG'S AMINO යොදා ගැනීම සුදුසුය.

b.) කිරි, සෙම් හා ශ්ලේෂ්මලය ආදිය නිශ්පාදනයට ඉවහල් වේ (විශෙෂයෙන් ආමාශ, ආන්ත්‍රයික කලාප වල ). පිළිකා සෛල වර්ධනයට අත දෙන දේවල් අතර සෙම්, ශ්ලේෂ්මල, ප්‍රධාන තැනක් ගනී. මේ නිසා, කිරි වෙනුවට රසකාරක නොයෙදූ සෝයා කිරි භාවිතය පිළිකා සෛල නැසීමටඉතා සුදුසු වේ.

c.) පිළිකා සෛල, ආම්ලික මාධ්‍යයන් වලදී ශක්තිමත්ව වර්ධනය වේ. මාංශමය ආහාර වේලක් යනු ආම්ලික ගුණය ඉහල ආහාර වේලකි (විශෙෂයෙන් හරක් මස්, ඌරු මස්, එළු මස් වැනි බර මාංශ වර්ග ආම්ලික ගුණය ඉහල මාංශ වර්ගයන්ය ). මේ නිසා මස් වෙනුවට මාලු වර්ග, කුකුල් මස් වැනි මාංශ සුළු වශයෙන් ගැනීම සුදුසුය. මීට අමතරව, මස් වර්ග වල, ශරීරයට අහිතකර (විශෙෂයෙන් පිළිකා රෝගීන්) භූගත ප්‍රතිජීවක(LIVESTOCK ANTIBIOTICS), වර්ධක හෝමෝන වර්ග (GROWTH HORMONES) හා පරපෝශිතයන් (PARASITES) අඩංගු වේ.

d.) ආහාර වේලක 80%ක් නැවුම් එළවලු හා යුෂ වර්ග, ධාන්‍ය හා ඇට වර්ග, කුඩා පළතුරු වර්ග වලින් සමන්විත නම්, ඒවා මගින් ශරීරය ක්ෂාරීය මාධ්‍යයකට (ALKALINE ENVIRONMENT) හරවයි. ඉතිරි 20% සඳහා බෝංචි වැනි පිසින ලද ආහාර යොදාගත හැක. නැවුම් එළවලු යුෂ මගින්, සිරුරට පහසුවෙන් උරාගන්නා සජීවී එන්සයිම වර්ග සපයයි. මෙම එන්සයිම වර්ග, විනාඩි 15ක් වැනි සුළු කාලයකදී සෛලීය ස්ථර වලට ගොස්, නිරෝගී සෛල පෝශනය කිරීමත්, වර්ධනය කිරීමත් සිදු කරයි. මෙම එන්සයිම ලබා ගැනීම සඳහා නැවුම් එළවලු යුශ (නොමේරූ එළවලු ) පානය කිරීමත් නොපිසින ලද එළවලු වර්ග දිනකට 2, 3න් වතාවක්වත් ආහාරයට ගැනීමත් කල යුතුයි. එන්සයිම වර්ග සෙල්සියස් 40ට වැඩි උෂ්ණත්ව වලදී විනාශ වී යන බව ඔබ දැනගත යුතුයි.

e.) කැෆේන්(CAFFEINE) නම් රසායනිකය අඩංගු ආහාර වන තේ, කෝපි හා චොකලට් වලින් හැකිතාක් ඈත් විය යුතුයි. ග්‍රීන් තේ(GREEN TEA), මේ වෙනුවට ඇති හොඳම ආදේශකයයි. ග්‍රීන් තේ වල පිළිකා මර්ධක ගුණ අඩංගු වේ.
පානීය ජලය භාවිතයේදී, පිරිසිදු කරන ලද ජලය හෝ හොඳින් පෙරන ලද ජලය(FILTERED WATER) යොදාගන්න. මෙමගින් සාමාන්‍ය නළ ජලයේ ඇති බර ලෝහ හා විශ ද්‍රව්‍ය ඉවත් කෙරේ. ආස්‍රත ජලය(DISTILLED WATER) ආම්ලික බැවින් බීමට නුසුදුසුය.

12.) මාංශ ජනක ප්‍රෝටීන වර්ග දිරවීමට අපහසු අතර දිරවීමේ ක්‍රියාවලිය සඳහා ජීරක එන්සයිම විශාල වශයෙන් අවශ්‍ය වේ. නොදිරන ලද මාංශ කොටස් බඩවැල් තුල රැඳී නරක් වීම නිසා සිරුරට එක් වන විෂ ප්‍රමාණය ඉහල යයි.

13.) පිළිකා සෛල බිත්ති වල ශක්තිමත් ප්‍රෝටීන වැස්මක් ඇත. මේ නිසා මාංශ වර්ග වලින් වැලකීම මගින් මෙම ප්‍රෝටීන බිත්ති බිඳ හෙලීම සඳහා වැඩි එන්සයිම ප්‍රමාණයක් නිදහස් කර, සිරුරේ ආරක්ශක සෛල මගින් පිළිකා සෛල විනාශ කිරීමට උදවු කරයි.

14.) ආහාර මගින් සිරුරට ලැබෙන සමහර සංඝටක ( IP6, FLOR-SSENCE, ESSIAC,ඔක්සිකරණය වලක්වන විටමින් C වැනි සංඝටක, විටමින් වර්ග, ලෝහ වර්ග, EFAs, etc), ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර සිරුරේ ආරක්ශක සෛල විසින් පිළිකා සෛල විනාශ කිරීමට උපකාරී වේ. විටමින් E වැනි අනෙකුත් සංඝටක මගින්, විනාශ වූ හෝ අනවශ්‍ය හෝ භාවිතා නොවෙන සෛල සිරුරෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය (APOPTPSIS) ශක්තිමත් කිරීම සිදු කරයි.

15.) පිළිකාව යනු, සිතේ, ගතේ හා අධ්‍යාත්මයේ ඇතිවන රෝග තත්වයකි. උද්යෝගීමත් හා ධනාත්මක අධ්‍යාත්මික ශක්තියක් තිබීම, පිළිකාව නැමැති රණශූරයා, පණ නළ ගැට ගහගැනීමට වෙර දරන මරණාසන්න වූවෙකුගේ තත්වයට ඇද දැමීමට හේතු කාරක වේ.. ක්‍රෝධය, වෛරය, සමාව නොදීම හා දොම්නස් ස්වභාවය ඔබේ සිරුර පීඩා කාරී, ආම්ලික මාධයකට ඇද දමයි. මේ නිසා, ආදරණීය හා දයාන්විත අධ්‍යාත්මයක් තබා ගැනීමට උත්සාහ කරන්න. නිස්කලංක ජීවිතයක් ප්‍රීතියෙන් භුක්ති විඳීමට ඉගෙන ගන්න.

16.) පිළිකා සෛල වලට ඔක්සිජනීකරණය වූ වටපිටාවක ශක්තිමත් වීමට නොහැකිය. දිනපතා ව්‍යායාම හා ගැඹුරු ආශ්වාස ප්‍රාශ්වාස කිරීම් මගින් සිරුරේ සෛල වලට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දීමට බෙහෙවින් උපකාරී වේ. ඔක්සිජන් චිකිත්සාව (OXIGEN THERAPY) පිළිකා සෛල විනාශ කිරීමට යොදා ගත හැකි තවත් ආකාරයකි.

තවත් වැදගත් කරුණු කීපයක්......

(i) මයික්‍රොවේව් අවන් එකේ කෑම පිස ගැනීමේදී, ප්ලාස්ටික් භාජන වල යෙදූ ආහාර යොදා නොගන්න.
(ii) වතුර බෝතල් අධිශීතකරණය තුල තබන්න එපා.
(iii) ප්ලාස්ටික් ආවරණ(ඉටිකොල, සිලිකවර ආදිය ) වල දැමූ ආහාර මයික්‍රොවේව් එක තුලට දමන්න එපා.

Johns Hopkins විද්‍යාඥයින් මෙම කරුණු ලෝකයා හමුවේ තැබුවේ මෑතකදීය. ඔවුන් සඳහන් කරන ආකාරයට පිළිකාව සඳහා ඇති හොඳම ප්‍රතිකාර ක්‍රමය වන්නේ එහි වර්ධනයට අවශ්‍ය කරන දේවල් වලින් වැලකීමයි..

Thursday, June 30, 2011

පිළිකාව ගැන අලුත්ම UPDATES (PART 1)මෙන්න..!!


අද මම දාන්න යන්නෙ ටිකක් දිග සිරාම සිරා ආර්ටිකල් එකක්...දිග වැඩි නිසාම මේක කොටස් 2කින් දාන්න මං තීරණය කලා..කියවද්දි කම්මැලි හිතෙයිද දන්නෙත් නෑ..ඒත් කමක් නෑ..පිළිකාවක් හැදුන කෙනෙක්ට,පිළිකාවක් හැදුන පවුලෙ කෙනෙක් ඉන්න/හිටපු අයට, පිළිකාවක් හැදුන යාලුවො ඉන්න/හිටපු කෙනෙක්ට, පිළිකාවක් හැදුන කෙනෙක්ගෙ වේදනාව දකින/දැකපු කෙනෙක්ට මේක කියවද්දි කම්මැලි හිතෙන එකක් නෑ......



පිළිකා සෛල විනාස කිරීමට මෙතෙක් කල් භාවිතා කල "කීමෝ තෙරපි(CHEMOTHERAPY)", සිංහලෙන් නම් 'රසායනික චිකිත්සාව', ඒ සඳහා ඇති එකම පිළියම නොවන බව JOHNS HOPKINS විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පවසනවා..

මේ ඒ ගැන සහ වෙනත් දේවල් ගැන ඔවුන් කියපු දේවල් ටිකක්......


පිළිකා ගැන අලුත්ම UPDATE එක (පලමු කොටස)

1.)සෑම පුද්ගලයෙකුගේම සිරුරේ පිළිකා සෛල ඇත. නමුත්, ඒවා බිලියන ගණනක් දක්වා වර්ධනය වන තුරු දැනට කෙරෙන පරීක්ෂා වලින් හඳුනා ගත නොහැක.ප්‍රතිකාර වලින් පසු වෛද්‍යවරයා පිළිකාව ඉවත් වී ඇති බව පැවසුවහොත්, එහි අදහස, තිබෙන පිළිකා සෛල උපකරණ වලට හසුවීමට නොහැකි තරම් අඩු ප්‍රමාණයකට පත්ව ඇති බව පමණි.

2.)මිනිසෙකුගේ ජීවිත කාලය තුල, සිරුරේ 6 වාරයේ සිට දස වාරයකට වඩා, පිළිකා සෛල හටගනී.

3.)ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති විට, එය පිළිකා සෛල වර්ධනය අඩපණ කර, ඒවා විනාශ කර, අසාමාන්‍ය සෛල වර්ධනයන්(TUMORS) වලකයි.

4.)යමෙකුට පිළිකාවක් වැලඳී ඇත්නම්, එයින් අදහස් වන්නේ ඔහුට හෝ ඇයට පෝශණ ඌනතාවයක් ඇති බවයි. මෙය පාරම්පරික හෝ පාරිසරික හෝ ආහාර හෝ ජීවන රටාව නිසා විය හැක.

5.)පෝශණ ඌනතාවයෙන් වැලකීමට නම්, ප්‍රමාණවත්, සමබර, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන සංඝටක අයත් ආහාර වේල් 4ක් 5ක් ගැනීමට සැලකිලිමත් වන්න.

6.)කීමො තෙරපි(CHEMOTHERAPY) මගින් ඉතා වේගයෙන් වර්ධනය වන පිළිකා සෛල විනාශ කරනු ලබන අතරම, ඇටමිදුලු වල, අන්ත්‍රයීක කොටස් වල ඉතා වේගයෙන් වර්ධනය වන නිරෝගී සෛලද විනාශ කරයි. මෙය අක්මාව, හෘදය, වකුගඩු, පෙනහලු ආදී අවයව අක්‍රීය කිරීමටද හේතු වේ.

7.)මෙහිදී සිදුවන විකිරණ ක්‍රියාවලිය මගින් පිළිස්සුම්, කැළැල් සහ පටක හානි, නිරෝගී සෛල හානි හා ඉන්ද්‍රියන් හානි සිදු කරයි.

8.)කීමෝ තෙරපි ප්‍රතිකාර වල මූලික අවධියේදී, එයින් පිළිකාවේ විශාලත්වය සෑහෙන දුරට අඩු කරයි. නමුත්, දීර්ඝ කාලීනව ගත් කල, එයින් පිළිකාවට වැඩි බලපෑමක් සිදු නොකරයි.


9.)කීමෝ තෙරපි ප්‍රතිකාර වලදී සිරුරට ඇතුලු වන විශ ප්‍රමාණය, පමණ ඉක්මවා ගිය විට, ප්‍රතිශක්තීකරණ පද්ධතිය අකර්මර්ණය වීම හෝ විනාශ වීම සිදුවේ. මෙවිට, රෝගියා විවිධ ආසාදන වලට හා ව්‍යාකූල භාවයන්ට ගොදුරුවීම සිදු වේ.

10.)කීමෝ තෙරපි හා විකිරණ ප්‍රතිකාර මගින් පිළිකා සෛල වෙනස් කම් වලට ලක්වී ප්‍රතිකාර වලට යටත් නොවන තත්වයකට පත්වී, විනාශ කිරීමට නොහැකි තරම් බලවත් වේ. සැත්කම් මගින් පිළිකා ඉවත් කිරීමෙදීද, පිළිකා සෛල ශරීරයේ වෙනත් ස්ථාන කරා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇති කරයි.


පලමු කොටසේ අවසානය.

අනෙකුත් UPDATES සහ අලුත්ම ප්‍රතිකාර ක්‍රමය ගැන විස්තර ඉතිරි කොටස් වලින් බලාපොරොත්තු වන්න.


මේ මගෙ ෆේස්බුකියෙ ඇඩ්‍රස් එක..!! 
පුලුවන්නම් ලයික් එකක් දාන්න කියල ආරාධනා කරනව..!!

Wednesday, June 15, 2011

කූල් වතුර = පිළිකා ??

වැඩිය කවුරුත් දන්නෙ නැති දෙයක් තමයි මේ මම අද කතා කරන්න යන්නෙ..

අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නව, කෑම වේලකට පස්සෙ හොඳවයින් කූල් වතුර එකක් බොන්න..ඒත් ඒ පුරුද්ද, අපිට කොච්චර අහිතකරද කියල තෙරුනේ මට මේ ආටිකල් එක කියෙව්වහම..මම සිරාවටම කියන්නෙ..ඔයාලත් මේක කියවල බලල, මේ පුරුද්ද තියෙනවනම් ඒක වහාම අත ඇර ගත්තොත් හොඳයි..


මේ කෑමෙන් පසු හෝ කෑම කන අතරතුර කූල් වතුර බීමට කැමති අයටයි..


කොච්චර ගතියක් ආවත්, කූල් වතුර අපි ගන්න ආහාර වල ඇති තෙල් සහිත කොටස් ඝන කරල, අපේ ශරීරයෙ ඇති ආහාර දිරවීමේ ක්‍රියාවලියේ වේගය අඩපණ කරනව..එතකොට හැදෙන මේ බටර් වගේ තෙල් කැටති, ශරීරයෙ තියෙන අම්ල එක්ක ක්‍රියා කරල, වෙනත් සංයෝග හැදිල,
ඒ හැදෙන එව්ව අපේ බඩවැල් මගින් ඉතා ඉක්මනින් උරා ගන්නව(අනිත් ඝන ආහාර වලට වඩා වැඩි වේගයකින්).ඊට පස්සෙ මේ උරා ගන්න එව්ව ඉතා ඉක්මනින් ඝන මේදය බවට පත් වෙලා, අපේ බඩවැල් අතර තැම්පත් වෙලා BLOCK වෙනව..








මේ වෙන ක්‍රියාවලිය පිළිකා වලට උදවු වෙනවා..



ඒ නිසා කෑම වේලකට පසු වතුර බොනවානම්, උණු වතුර බීමට සැලකිලිමත් වෙන්න..මේ හොඳ පුරුද්ද ජපානෙ සහ චීනෙ අය හොඳටම අනුගමනය කරනවලු..

Saturday, June 11, 2011

CFL බල්බ???පාවිච්චිය පරිස්සමින්...

මේක බ්‍රිතාන්‍ය සෞඛ්‍යය අමාත්‍යංශයේ අනතුරු ඇඟවීමක්..
මේ විදුලි පිරිමැසුම් බල්බ නැත්තම් CFL බල්බ ගැන..

මේ වර්ගයේ බල්බ වල හොරයක් ගැන නෙමේ මේ කියන්නෙ..
මේව පාවිච්චි කිරීම අපේ සෞඛ්‍යයට හොඳ නැත්තෙ නෑ..
මේ බල්බ අපේ සෞඛ්‍යයට හොඳ නැති වෙන්නේ බිඳුනහම..
ඒ මොකද කියල දැන ගන්න මේ ටික කියවන්නකො..


මේ බල්බ වල ඇතුලෙ රසදිය තියෙනවලු..ඉතින් අපි හැමෝම දන්නවා, රසදිය(Mercury) කියන රසායනික ද්‍රව්‍යය ආඝ්‍රහනය වුනොත් විසයි කියල..රසදිය ආඝ්‍රහනය වුනොත් ඉතින් සොරි තමයි..එතකොට ඉරුවාරදය(Migraine), කරකැවිල්ල, කලන්තය වගේ එව්ව වෙලා, පස්සෙ වෙන වෙන සෞඛ්‍ය ගැටළු වලටත් එනව..රසදිය ගෑවුනත් හමේ ලෙඩයි, ආසාත්මිකතායි, වෙන ලෙඩයි හැදෙන එකේ, රසදිය ආඝ්‍රහනය වුනොත් මොනව වෙයිද??
ඒ නිසා, මේ ජාතියේ CFL බල්බ් එකක් බිඳුනොත් කරන්න ඕනෙ දේවල් ටිකක් තියෙනවා..

1. වහාම කාමරයෙන් එලියට යන්න..බිඳුනු වීදුරු වලට අඩිය තියන්න එපා..

2. විනාඩි 15ක් වත් එලියට වෙලා ඉන්න..

3. කැඩුනු වීදුරු කැබලි සුද්ද කරන්න වැකියුම් ක්ලීනර් එකක් පාවිච්චි කරන්න එපා..එහි දුහුවිලි උරා ගැනීමේ ක්‍රියාවලිය මගින් විශ රසදිය අංශු ගෙදර හැමතැනම විසිරෙන්න පුලුවන්..

4. සුද්ද කිරීමේදී රබර් අත්වැසුම් දමාගෙන,වීදුරු කැබලි ටික එකතු කරගන්න.

5. කැඩී ගිය කැබලි ටික වෙනම බෑගයකට දමා කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට භාර දෙන්න..

Sunday, June 5, 2011

ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද දන්නෙ??


ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල දැන ගන්න කැමතිද?

එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න....

එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි..
ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය" නැත්තම් international mobile equipment identity number.....මේක එසේ මෙසේ අංකයක් නෙමේ..ජාත්‍යන්තර අංකයක්..

ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො..මෙහෙම කිව්වට තේරෙයිද මන්ද!!තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න..

1
2
3
4
5
6
7 th
8 th
9
10
11
12
13
14
15
serial නම්බරේ
x
x
x
x
x
x
?
?
x
x
x
x
x
x
x
ඒ අංක දෙක,
- 02 හරි 20 හරි නම්..
ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 08 හරි 80 හරි නම්..
ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 01 හරි 10 හරි නම්..
ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 00 නම්..
ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 13 නම්..
ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්...


ෆේස් බුකියෙ මගෙ මේ ලිපිය උපුටාගෙන ඒකටම තව කරුණු ටිකක් එකතු කරල අපේ කොල්ලෙක් දාල තිබ්බ.. හැබැයි මගෙ අවසරය අරන් නම් තිබ්බෙ නෑ.. අඩුම තරමෙ මගෙ බ්ලොග් එකෙන් උපුටා ගත්ත කියලවත් දාල තිබ්බෙ නෑ..

දුකයි.. 

ඒත් අලුතින් කරුණු ටිකක් දාල තිබ්බ.. මේ ඒ ටික..!! ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ හැබැයි.. 
30 හරි 03 හරි නම් කොරියාවෙ
40 හරි 04 හරි නම් චීනෙ
50 හරි 05 හරි නම් බ්‍රසීලයෙ, ඇමෙරිකාවෙ හෝ ෆින්ලන්තයෙ
60 හරි 06 හරි නම් හොංකොං, චීනෙ හෝ මෙක්සිකෝවෙ
70,07, 91,19 කියන ඕනෙ එකක් ෆින්ලන්තයෙ..

එහෙනම්, තම තමන්ගේ ෆෝන් කෝච්චියට තියන්නවත් සුදුසුද කියල බලන්නකො හොඳේ...!!!!!
බලල සිරා කොමෙන්ටු ටිකක් දාපන් හොඳේ..!!

Saturday, June 4, 2011

ඔබේ සෞඛ්‍යය රැකගැනීම ඔබට බාරයි...


"ඌරන්ට මොන සෞඛ්‍යයද" කියල, ඕන මගුලක් කාල බීල,
"කරන දේවල් මේ ඉන්න ටිකේනෙ" කියල, කරන්න පුලුවන් හොඳ නරක ඕන දෙයක් කරල,
ජොලි කරන තරුණ අපිට,
අවුරුදු 40ක් 50ක් වෙද්දි,
අවුරුදු 60ක 70ක කෙනෙක්ගෙ පෙනුමක්, ඇස් පෙනීමක්, කන් ඇසීමක්, ලැබුනොත්?????

එහෙම නොවෙන්න නම්, තරුණ අපිට, මේ තරුණ කාලෙදිම අනුගමනය කල යුතු, සිරාවටම දැනගත යුතු දේවල් ටිකක් මං ඔයාලට කියන්න හිතුවා..
කියවලා බලන්නකෝ..


1. ඔබ ජංගම දුරකතනයකින් ඇමතුමකට සම්බන්ධ වන විට, සෑම විටම ඔබේ වම් කන භාවිතා කරන්න..(දකුණු කන කෙලින්ම මොළේට සම්බන්ධ වෙනවලු..ඒ නිසා මොළේට හානි සිදු වීමේ හැකියාව වැඩිලු.)

2. දවසට දෙවරක් කෝපි බොන්න එපා..හොඳ නෑ..

3. බේත් බොන්න කූල් වතුර පාවිචි කරන්න එපා..

4. තෙල් සහිත කෑම ජාති අඩු කරන්න. (ඔබ කෙට්ටු කෙනෙක් නම්, මහත් වෙන්න කියල තෙල් කෑම වැඩිපුර කන්න එපා)..

5. උදේට වතුර වැඩිපුර බොන්න, ඒත් රෑට අඩුවෙන් බොන්න..

6. හෑන්ඩ් ෆෝන්, චාජ් වෙන්න දාල, ෆෝන් එක ලඟ තියා ගන්න එපා..දුරින් තියන්න..

7. ගොඩක් වෙලා head phone, ear phone කනේ ගහගෙන ඉන්න එපා..

8. නිදා ගන්න හොඳම වෙලාව රෑ 10.00 ඉඳන් උදේ 6.00 වෙනකම්...

9. රෑට බේත් බීපු ගමන්ම ඇඳේ ඇල වෙන්න එපා..

10. ෆෝන් එකේ බැට්රි අන්තිම කට්ටට වෙනකම් බැස්සොත්, call ගන්න යන්න එපා..(ඒ වෙලාවට එන සිග්නල් ප්‍රමාණය, අනිත් වෙලාවල් වලදි එන ප්‍රමාණය වගේ 1000 ගුණයක් විතරලු.)

පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..


මේ ශ්‍රී ලංකාවෙ පොලීසිය ගැන සිරාවටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් ටිකක්..
(අපේම ආරක්ෂාව වෙනුවෙන්...)






1. ඔබ පාරෙ යනවිට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්..එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්..

2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට තහනම්..

3. ඔබ වාහනයක යන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණයි..

4. තනි traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි. ඔහුට අනිවාර්‍යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍යයි..ඒ පොලිස් නිලධාරියෙකුම විය යුතුයි..
(ඒ නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)

5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ.ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත..
(නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.)

එමනිසා, පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.

6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව(Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව එය නොමැති නම්, ඔබට යාමට අවසර ඇත..

7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි..
(ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් ඇතුලු වීමට අවසර ඉල්ලා සිටියහොත් ප්‍රතික්ෂේප කිරීමට ඔබගේ කැමැත්ත අනුව ඔබට හැක..

9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහයට අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු traffic පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය..
එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත..

10. Traffic පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, යන්න එපා.....
කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්‍රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
ඔබට,අදාල නිලධාරියාව, ඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහ කරවීමට පුලුවන්..

11. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබේ නම,ලිපිනය,හැඳුනුම් පත,දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඔබට ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත(ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්).
ඔහුට ඔබව අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත..

12. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට ඔවුන්ගේ ක්‍රියාව ප්‍රතික්ශේප කිරීමට අයිතිය ඇත.