Saturday, June 4, 2011

ඔබේ සෞඛ්‍යය රැකගැනීම ඔබට බාරයි...


"ඌරන්ට මොන සෞඛ්‍යයද" කියල, ඕන මගුලක් කාල බීල,
"කරන දේවල් මේ ඉන්න ටිකේනෙ" කියල, කරන්න පුලුවන් හොඳ නරක ඕන දෙයක් කරල,
ජොලි කරන තරුණ අපිට,
අවුරුදු 40ක් 50ක් වෙද්දි,
අවුරුදු 60ක 70ක කෙනෙක්ගෙ පෙනුමක්, ඇස් පෙනීමක්, කන් ඇසීමක්, ලැබුනොත්?????

එහෙම නොවෙන්න නම්, තරුණ අපිට, මේ තරුණ කාලෙදිම අනුගමනය කල යුතු, සිරාවටම දැනගත යුතු දේවල් ටිකක් මං ඔයාලට කියන්න හිතුවා..
කියවලා බලන්නකෝ..


1. ඔබ ජංගම දුරකතනයකින් ඇමතුමකට සම්බන්ධ වන විට, සෑම විටම ඔබේ වම් කන භාවිතා කරන්න..(දකුණු කන කෙලින්ම මොළේට සම්බන්ධ වෙනවලු..ඒ නිසා මොළේට හානි සිදු වීමේ හැකියාව වැඩිලු.)

2. දවසට දෙවරක් කෝපි බොන්න එපා..හොඳ නෑ..

3. බේත් බොන්න කූල් වතුර පාවිචි කරන්න එපා..

4. තෙල් සහිත කෑම ජාති අඩු කරන්න. (ඔබ කෙට්ටු කෙනෙක් නම්, මහත් වෙන්න කියල තෙල් කෑම වැඩිපුර කන්න එපා)..

5. උදේට වතුර වැඩිපුර බොන්න, ඒත් රෑට අඩුවෙන් බොන්න..

6. හෑන්ඩ් ෆෝන්, චාජ් වෙන්න දාල, ෆෝන් එක ලඟ තියා ගන්න එපා..දුරින් තියන්න..

7. ගොඩක් වෙලා head phone, ear phone කනේ ගහගෙන ඉන්න එපා..

8. නිදා ගන්න හොඳම වෙලාව රෑ 10.00 ඉඳන් උදේ 6.00 වෙනකම්...

9. රෑට බේත් බීපු ගමන්ම ඇඳේ ඇල වෙන්න එපා..

10. ෆෝන් එකේ බැට්රි අන්තිම කට්ටට වෙනකම් බැස්සොත්, call ගන්න යන්න එපා..(ඒ වෙලාවට එන සිග්නල් ප්‍රමාණය, අනිත් වෙලාවල් වලදි එන ප්‍රමාණය වගේ 1000 ගුණයක් විතරලු.)

2 comments:

  1. මේක මං පරිවර්තනය කලේ මට ලැබුණ සිරා ඊ ලියුමකින්..ඉතින් මේකෙ තියෙන සමහර එව්වට හේතු මං දන්නේ නෑ..ඒකට මට සමා වෙන්න..හේතු දන්න එව්ව මේකෙ දාල තියෙනවා..අනිත් එව්වට හේතු දන්න කවුරු හරි ඉන්නවනම් අනිත් අයටත් දැන ගන්නත් එක්ක මේකෙ කොමෙන්ටුවක දාල යන්න හොඳේ...

    ReplyDelete
  2. 1. ඔබ ජංගම දුරකතනයකින් ඇමතුමකට සම්බන්ධ වන විට, සෑම විටම ඔබේ වම් කන භාවිතා කරන්න..(දකුණු කන කෙලින්ම මොළේට සම්බන්ධ වෙනවලු..ඒ නිසා මොළේට හානි සිදු වීමේ හැකියාව වැඩිලු.)

    අපී කෝමත් වමත් කට්ටියනේ.. ඒ නිසා හොඳා.. :D

    ReplyDelete