Sunday, June 5, 2011

ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද දන්නෙ??


ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල දැන ගන්න කැමතිද?

එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න....

එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි..
ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය" නැත්තම් international mobile equipment identity number.....මේක එසේ මෙසේ අංකයක් නෙමේ..ජාත්‍යන්තර අංකයක්..

ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො..මෙහෙම කිව්වට තේරෙයිද මන්ද!!තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න..

1
2
3
4
5
6
7 th
8 th
9
10
11
12
13
14
15
serial නම්බරේ
x
x
x
x
x
x
?
?
x
x
x
x
x
x
x
ඒ අංක දෙක,
- 02 හරි 20 හරි නම්..
ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 08 හරි 80 හරි නම්..
ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 01 හරි 10 හරි නම්..
ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 00 නම්..
ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්...
- 13 නම්..
ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්...


ෆේස් බුකියෙ මගෙ මේ ලිපිය උපුටාගෙන ඒකටම තව කරුණු ටිකක් එකතු කරල අපේ කොල්ලෙක් දාල තිබ්බ.. හැබැයි මගෙ අවසරය අරන් නම් තිබ්බෙ නෑ.. අඩුම තරමෙ මගෙ බ්ලොග් එකෙන් උපුටා ගත්ත කියලවත් දාල තිබ්බෙ නෑ..

දුකයි.. 

ඒත් අලුතින් කරුණු ටිකක් දාල තිබ්බ.. මේ ඒ ටික..!! ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ හැබැයි.. 
30 හරි 03 හරි නම් කොරියාවෙ
40 හරි 04 හරි නම් චීනෙ
50 හරි 05 හරි නම් බ්‍රසීලයෙ, ඇමෙරිකාවෙ හෝ ෆින්ලන්තයෙ
60 හරි 06 හරි නම් හොංකොං, චීනෙ හෝ මෙක්සිකෝවෙ
70,07, 91,19 කියන ඕනෙ එකක් ෆින්ලන්තයෙ..

එහෙනම්, තම තමන්ගේ ෆෝන් කෝච්චියට තියන්නවත් සුදුසුද කියල බලන්නකො හොඳේ...!!!!!
බලල සිරා කොමෙන්ටු ටිකක් දාපන් හොඳේ..!!

Saturday, June 4, 2011

ඔබේ සෞඛ්‍යය රැකගැනීම ඔබට බාරයි...


"ඌරන්ට මොන සෞඛ්‍යයද" කියල, ඕන මගුලක් කාල බීල,
"කරන දේවල් මේ ඉන්න ටිකේනෙ" කියල, කරන්න පුලුවන් හොඳ නරක ඕන දෙයක් කරල,
ජොලි කරන තරුණ අපිට,
අවුරුදු 40ක් 50ක් වෙද්දි,
අවුරුදු 60ක 70ක කෙනෙක්ගෙ පෙනුමක්, ඇස් පෙනීමක්, කන් ඇසීමක්, ලැබුනොත්?????

එහෙම නොවෙන්න නම්, තරුණ අපිට, මේ තරුණ කාලෙදිම අනුගමනය කල යුතු, සිරාවටම දැනගත යුතු දේවල් ටිකක් මං ඔයාලට කියන්න හිතුවා..
කියවලා බලන්නකෝ..


1. ඔබ ජංගම දුරකතනයකින් ඇමතුමකට සම්බන්ධ වන විට, සෑම විටම ඔබේ වම් කන භාවිතා කරන්න..(දකුණු කන කෙලින්ම මොළේට සම්බන්ධ වෙනවලු..ඒ නිසා මොළේට හානි සිදු වීමේ හැකියාව වැඩිලු.)

2. දවසට දෙවරක් කෝපි බොන්න එපා..හොඳ නෑ..

3. බේත් බොන්න කූල් වතුර පාවිචි කරන්න එපා..

4. තෙල් සහිත කෑම ජාති අඩු කරන්න. (ඔබ කෙට්ටු කෙනෙක් නම්, මහත් වෙන්න කියල තෙල් කෑම වැඩිපුර කන්න එපා)..

5. උදේට වතුර වැඩිපුර බොන්න, ඒත් රෑට අඩුවෙන් බොන්න..

6. හෑන්ඩ් ෆෝන්, චාජ් වෙන්න දාල, ෆෝන් එක ලඟ තියා ගන්න එපා..දුරින් තියන්න..

7. ගොඩක් වෙලා head phone, ear phone කනේ ගහගෙන ඉන්න එපා..

8. නිදා ගන්න හොඳම වෙලාව රෑ 10.00 ඉඳන් උදේ 6.00 වෙනකම්...

9. රෑට බේත් බීපු ගමන්ම ඇඳේ ඇල වෙන්න එපා..

10. ෆෝන් එකේ බැට්රි අන්තිම කට්ටට වෙනකම් බැස්සොත්, call ගන්න යන්න එපා..(ඒ වෙලාවට එන සිග්නල් ප්‍රමාණය, අනිත් වෙලාවල් වලදි එන ප්‍රමාණය වගේ 1000 ගුණයක් විතරලු.)

පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..


මේ ශ්‍රී ලංකාවෙ පොලීසිය ගැන සිරාවටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් ටිකක්..
(අපේම ආරක්ෂාව වෙනුවෙන්...)






1. ඔබ පාරෙ යනවිට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්..එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්..

2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට තහනම්..

3. ඔබ වාහනයක යන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණයි..

4. තනි traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි. ඔහුට අනිවාර්‍යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍යයි..ඒ පොලිස් නිලධාරියෙකුම විය යුතුයි..
(ඒ නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)

5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ.ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත..
(නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.)

එමනිසා, පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.

6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව(Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව එය නොමැති නම්, ඔබට යාමට අවසර ඇත..

7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි..
(ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් ඇතුලු වීමට අවසර ඉල්ලා සිටියහොත් ප්‍රතික්ෂේප කිරීමට ඔබගේ කැමැත්ත අනුව ඔබට හැක..

9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහයට අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු traffic පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය..
එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත..

10. Traffic පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, යන්න එපා.....
කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්‍රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
ඔබට,අදාල නිලධාරියාව, ඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහ කරවීමට පුලුවන්..

11. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබේ නම,ලිපිනය,හැඳුනුම් පත,දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඔබට ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත(ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්).
ඔහුට ඔබව අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත..

12. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට ඔවුන්ගේ ක්‍රියාව ප්‍රතික්ශේප කිරීමට අයිතිය ඇත.